දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (11) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වියළි කාලගුණ තත්ත්වය පෙබරවාරි 12 වන දින සිට වෙනස් විය හැකි බව නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල, සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල, අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින හැකියාවක් ඇත.