55 views 3 secs 0 comments

Rebuilding Sri Lanka වෙත ඉඩම් පරිත්‍යාග….

In Local News
January 14, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (13) පෙරවරුවේ පැවති ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවයේදී ඉඩම් පරිත්‍යාග සිදු කර ඇත.

එම අවස්ථාවේදී චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී. රසංග ප්‍රගීන් ප්‍රනාන්දු, පී. නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම්. සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් මෙම ජාතික වැඩසටහනට ඉඩම් පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව,

  • සැවැන්දන, වදාකඩ පදිංචි චන්ද්‍රා කුසුමාවතී එවරිට් මහත්මිය විසින් කුරුණෑගල, අලව්ව ප්‍රදේශයෙන් අක්කර 02 පර්චස් 29.5ක්
  • වෑකඩ, පානදුර පදිංචි ජී. රසංග ප්‍රගීන් ප්‍රනාන්දු මහතා විසින් කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයෙන් පර්චස් 70ක්
  • වැවගෙදර, කුරුණෑගල පදිංචි පී. නිමේෂා මධුමාදලී සිරිවර්ධන මහත්මිය විසින් කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයෙන් පර්චස් 64ක්
  • ඕවත්ත, හිඟුල පදිංචි ඩී.එම්. සමන්ත සරත් ආනන්ද මහතා විසින් කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයෙන් පර්චස් 15ක්

වශයෙන් ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළට ඉඩම් පරිත්‍යාග කර ඇත.

මෙම පරිත්‍යාග ජාතික පුනර්ගොඩනැගීම් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මහජන සහයෝගය ඉහළ මට්ටමක පවතින බවට ද ප්‍රබල සාක්ෂියක් ලෙස සැලකේ.

……………..