සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් අතර හමුවක් සිදුවී ඇත.
මෙම හමුවේදී ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ සහ කර්මාන්ත ආශ්‍රිත දියුණුව පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත සංවර්ධනය සඳහා ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී.
ටිල්වින් සිල්වා මහතා මරදගහමුල සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබූ සහයෝගය පිළිබඳව ස්තුති ප්‍රකාශ කළ අතර, ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීම් මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවට වන්දනා කිරිමට අවශ්‍ය කටයුතු සැලැස්වීමට අවධානය යොමු කරන ලදී.
ඔහුගේ සංචාරය නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තයන්හිද පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡා කිරීමටද සැලසුම් කෙරී ඇත.
