සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අමෙරිකාවට සංචාරයකට….
සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු එළඹෙන 18 වනදා අමෙරිකාවේ ධවල මන්දිරයට සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සල්මාන් කුමරු අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය. 2020 වසරේදී ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, සුඩානය සහ මොරොක්කෝව ඒබ්‍රහම් ගිවිසුමට එක්වූ […]
ඔස්කා සම්මාන සඳහා තෙවරක් නිර්දේශ වූ ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වෙයි…
තෙවරක් ඔස්කා සම්මාන සඳහා නිර්දේශ වූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනිය ඩයන් ලෑඩ් 89 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී ඇත. ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර ඇත. ඩයන් ලෑඩ් 1974 වර්ෂයේදී තම රංගන ජීවිතය ආරම්භ කළ අතර, “Alice Doesn’t Live Here Anymore”, “Wild at Heart” සහ “Rambling Rose” […]
රුසියාව බුරෙවෙස්ට්නික් න්‍යෂ්ටික ක්‍රස් මිසයිලය සාර්ථකව අත්හදා බැලේ…
ජනපති පුටින් අනාවරණය කළේ, රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) ක්‍රස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බවයි. මෙම අත්හදා බැලීම පසුගිය සතියේ න්‍යෂ්ටික අවි අභ්‍යාසයකදී සිදු කර ඇති අතර, මිසයිලය පැය 15ක් ගුවන්ගතව කිලෝමීටර් 14,000ක් දුර ගමන් කළ බව වාර්තා වේ. බුරෙවෙස්ට්නික්, හෙවත් “කුණාටු ලිහිණියා” ලෙස හැඳින්වෙන මෙම මිසයිලය, වර්තමාන සහ අනාගත ආරක්ෂණ පද්ධතිවලට […]
ඉන්දියාව-චීන සෘජු ගුවන් සේවාව IndiGo විසින් යළි ආරම්භ කෙරේ
ඉන්දියාවේ කොල්කටා නගරයෙන් චීනයේ Guangzhou නගරය දක්වා සෘජු ගුවන් සේවා, ඉන්දියාවේ IndiGo ගුවන් සමාගම විසින් ඊයේ (26) රාත්‍රියේ සිට යළි ආරම්භ කරන ලදී. මෙය 2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීන මහ ගොඩබිම අතර ප්‍රථම වරට විවෘත කරන ලද සෘජු ගුවන් සේවාව වේ. පළමු ගුවන් ගමන සඳහා මගීන් 176 දෙනෙකු රැගෙන Airbus A320neo යානයක් භාවිත කරන […]
නැවත සක්‍රීය වුණු පිලිපීනයේ “ටාල් “…
පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වනවිට නැවත සක්‍රිය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තු 10ක පමණ කාලයකදී පිපිරීම් දෙකක් සිදු වී ඇති බවත්, ඒ සමඟ කිලෝමීටර් 2ක පමණ උසට අළු සහ වාෂ්ප අහසට විසිවී ඇති බවත්ය. පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ, මේ වනවිට […]
බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වේ..
කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඔහු මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, මියයන විට ඔහුගේ වයස 74ක් වූ බව සඳහන් වේ. දිගු කාලයක වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටි සතිෂ් ෂා, තම පන්දු දශකයකට ආසන්න රංගන ජීවිතයේදී “ජානේ භී දෝ යාරෝ”, “මේ හූ නා”, “ඕම් […]
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබේ…
තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබීම මැලේසියාවේ දී අද (26) සිදුවී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ පැවැති විශේෂ අවස්ථාවක දී මෙම ගිවිසුමට අත්සන් තැබීය. ඒ අතර, දෙරට අතර සාම ගිවිසුම සඳහා මැදිහත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එම අවස්ථාවට සහභාගී වූ බවද වාර්තා කරයි.
ඉන්දියාවේ බස් රථ අනතුරක්.. 25ක්ට අධික පිරිසකට ජීවිත අහිමි වේ…
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කර්නූල් ප්‍රදේශයේදී අද (24) අළුයම සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, තවත් අය රෝහල්ගත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්වූ බස් රථය හයිද්‍රාබාද් සිට බැංගලෝර් වෙත ධාවනය වූ අතර, එහි මගීන් 39 දෙනෙක් සිටි බව ද සඳහන් වේ. වාර්තා අනුව, යතුරුපැදියක් බස් රථයට […]
ජපානයේ පලමු කාන්තා අගමැතිවරිය සනායි තකයිචි පත් කෙරේ…
ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ‘ජපානයේ යකඩ ගැහැනිය’ ලෙස ප්‍රසිද්ධ සනායි තකයිචි අද (21) දිනයේදී තේරීපත් විය. ජපාන පාර්ලිමේන්තුවේ පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය අගමැති ධුරය සඳහා තේරීපත් වුයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගැනීමෙන් පසුය. වයස අවුරුදු 64ක තකයිචි මීට සති දෙකකට පෙර පාලක පක්ෂයේ නායකත්වය දිනාගෙන සිටින අතර, හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා […]
