ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළවල රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,600 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිලද ඩොලර් 84 ඉක්මවූ අගයක් ලෙස සටහන්ව තිබේ.
පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම රත්‍රං සහ රිදී මිල වේගයෙන් ඉහළ යාම නිරීක්ෂණය වූ අතර, මේ වනවිටද එම ප්‍රවණතාවය තවදුරටත් තීව්‍ර වී ඇති බව සඳහන් වේ.
ගෙවුණු දිනය තුළ නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රත්‍රං අවුන්සයක මිල සියයට 2කින් ඉහළ ගොස් ඩොලර් 4,612ක් ලෙස වාර්තා විය. එසේම ලන්ඩන් වෙළෙඳපොළ තුළද රත්‍රං මිල සියයට 2ක පමණ වැඩිවීමක් සමඟ ඩොලර් 4,600 ඉක්මවා ගොස් ඇත.
මේ අතර, නිව්යෝර්ක් වාණිජ හුවමාරුවේ රිදී මිල සියයට 5කින් පමණ ඉහළ ගොස් රිදී අවුන්සයක මිල ඩොලර් 84ක් ලෙස දැක්වුණි. ලන්ඩන් වෙළෙඳපොළ තුළද රිදී මිල එම අගයට සමාන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අනෙක් අතට, මෙරට වෙළෙඳපොළේද රත්‍රං මිල අද (12) දිනයේ රුපියල් 3,000කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 365,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 337,600ක් ලෙසත් මිල ගණන් වාර්තා වී තිබුණි.
