දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (11) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩි දියුණු කිරීමේ යෝජිත සංශෝධන, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අදාළව, 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන ඇත. එහිදී, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර, නීතිපතිගේ නිෂ්කාශනයද ලබාගෙන ඇත. මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ […]
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් අතර හමුවක් සිදුවී ඇත. මෙම හමුවේදී ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ සහ කර්මාන්ත ආශ්‍රිත දියුණුව පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත සංවර්ධනය […]
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපැමුණු අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනවාරි මාස අග සිට නගරයට දැඩි ශීත කාලගුණයක් හටගෙන ඇති අතර, පසුගිය දින 13 තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවේ හෝ ඊට අඩු මට්ටමක පවතින බව වාර්තා වේ. ඉදිරි දිනවලද අධික ශීත සහ හිමපතනයක් හේතුවෙන් නිව්යෝර්ක් […]
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී ඇත. මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විතය. අද පැවැත්වෙන සාකච්ඡාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (13) පෙරවරුවේ පැවති ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවයේදී ඉඩම් පරිත්‍යාග සිදු කර ඇත. එම අවස්ථාවේදී චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී. රසංග ප්‍රගීන් ප්‍රනාන්දු, පී. නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම්. සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් මෙම ජාතික වැඩසටහනට ඉඩම් පරිත්‍යාග […]
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වසරේ මේ දක්වා Alphabet සමාගමේ කොටස් මිල සියයට 6කින් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් […]
හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමඟ අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කර ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා සහ […]
රට යළි ගොඩනැඟීමේ කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසනයට පසු සිදු කෙරෙන පශ්චාත් ආපදා […]
ලෝක වෙළෙඳපොළ තුළ රත්‍රං සහ රිදී මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළවල රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,600 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිලද ඩොලර් 84 ඉක්මවූ අගයක් ලෙස සටහන්ව තිබේ. පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම රත්‍රං සහ රිදී මිල වේගයෙන් […]
