Home > Articles posted by Admin (Page 7)
FEATURE
on Oct 27, 2025
147 views 0 secs

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟය මුදා හැරීම සඳහා මෙරටට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණි අතර, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද ආනයනික තොගයක් මෙරටට ඇතුළත් වී ඇත. පසුගිය 15 වනදා ජී.ආර් 11 […]

FEATURE
on Oct 27, 2025
152 views 1 sec

ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකය නැවත ගොඩ නැගීමේ අඛණ්ඩ උත්සාහයේ වැදගත් පියවරක් ලෙස සැලකේ. නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිතව අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම […]

FEATURE
on Oct 27, 2025
165 views 0 secs

ධීවර ප්‍රජාවට සහනයක් සැලසීමට ගුණාත්මක “සිපෙට්කෝ” ලිහිසි තෙල් ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් අද (27) සිට ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය, ඇමරිකානු තත්ත්ව සහතික ලත් ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිලදී ගත හැකි වන අතර, මුල් අදියර අද දික්ඕවිට […]

FEATURE
on Oct 27, 2025
165 views 2 secs

බහරේන්හිදී පැවැත්වෙන තෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට (Asian Youth Games Bahrain 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයා දළුවත්ත ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය තම තරඟ ඉසව්ව සාර්ථකව නිමා කරමින් අද (27) ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයව පිළිගැනීම සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයට ස්තූතිය පළ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් […]

FEATURE
on Oct 26, 2025
177 views 0 secs

බහරේන්හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශිෂ්ට කාර්ය සාධනයක් දක්වමින් රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තාය. කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් දිල්නි රාජපක්ෂ මීටර් 12.31 ක පැනීමක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වාර්තා කළාය. එම ඉසව්වේ රන් පදක්කම චීන ක්‍රීඩිකාවක් මීටර් 13.28 ක දක්ෂතාවයකින් ද, […]

FEATURE
on Oct 26, 2025
171 views 0 secs

ඉන්දියාවේ රංචි නුවර පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් රන් පදක්කම් හිමිකර ගනිමින් දීප්තිමත් කාර්ය සාධනයක් දක්වීය. හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක් විසි කරමින් රන් පදක්කම දිනාගත් අතර, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් මීටර් 6.23 ක දුරක් පනිමින් රන් පදක්කම දිනා ගත්තාය. ඒ […]

FEATURE
on Oct 26, 2025
152 views 0 secs

පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වනවිට නැවත සක්‍රිය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තු 10ක පමණ කාලයකදී පිපිරීම් දෙකක් සිදු වී ඇති බවත්, ඒ සමඟ කිලෝමීටර් 2ක පමණ උසට අළු සහ වාෂ්ප අහසට විසිවී ඇති බවත්ය. පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ, මේ වනවිට […]

FEATURE
on Oct 26, 2025
168 views 9 secs

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඉතිහාසයෙහි ශ්‍රී ලංකාව සඳහා පළමු රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඔහු තම Fඅcඑබූක් පිටුවේ සටහනක් තබමින්, තම පුහුණුකරු චමිල් බෝතොටා මහතා ආපසු තම වෙත ගෙන්වා ගැනීමට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. තම සටහනේදී ඔහු මේ බව සඳහන් කර තිබේ: උපුටා ගැනීම“මේක මගේ අහිංසක ඉල්ලීමක්..🥺 […]

FEATURE
on Oct 26, 2025
160 views 0 secs

කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඔහු මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, මියයන විට ඔහුගේ වයස 74ක් වූ බව සඳහන් වේ. දිගු කාලයක වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටි සතිෂ් ෂා, තම පන්දු දශකයකට ආසන්න රංගන ජීවිතයේදී “ජානේ භී දෝ යාරෝ”, “මේ හූ නා”, “ඕම් […]

FEATURE
on Oct 26, 2025
159 views 0 secs

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමකට අත්සන් තැබීම මැලේසියාවේ දී අද (26) සිදුවී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා මැලේසියාවේ පැවැති විශේෂ අවස්ථාවක දී මෙම ගිවිසුමට අත්සන් තැබීය. ඒ අතර, දෙරට අතර සාම ගිවිසුම සඳහා මැදිහත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එම අවස්ථාවට සහභාගී වූ බවද වාර්තා කරයි.