1 views 0 secs 0 comments

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට අධික ශීතය හේතුවෙන් පුද්ගලයින් 18ක් මරුට…

In World News
February 10, 2026

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපැමුණු අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනවාරි මාස අග සිට නගරයට දැඩි ශීත කාලගුණයක් හටගෙන ඇති අතර, පසුගිය දින 13 තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවේ හෝ ඊට අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.

ඉදිරි දිනවලද අධික ශීත සහ හිමපතනයක් හේතුවෙන් නිව්යෝර්ක් නගරය පුරා බරපතල අවදානම් තත්ත්වයක් රැදී සිටින බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.