196 views 0 secs 0 comments

සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි…

In World News
January 03, 2022

සුඩානයේ ජනතාව විසින් කාර්ටූම් අගනගරයේ පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව එරට අගමැති අබ්ඩල්ලා හැම්ඩොක් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව සිවිල් පාලනය නෙරපා බලය දැහැ ගැනීමට හමුදා නායකයින් කටයුතු කළේය. පසුව අගමැතිවරයා ලෙස අබ්ඩල්ලා හැම්ඩොක් ව පත්කළ ද හමුදා පාලකයින් ඉවත්වී සම්පූර්ණ සිවිල් පාලනයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව පවසමින් ජනතා උද්ඝෝෂණ තවත් බලවත් කෙරිණි. එම උද්ඝෝෂණ උණ්ඩයේ බලයෙන් පාලනය කිරීමට හමුදාව උත්සාහ කිරීමේදී සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මියගොස් තිබේ. හැම්කොක් ඉවත්වීමත් සමග එරට පාලන බලය සම්පූර්ණයෙන් හමුදාව අතට පත්වෙයි.