Local News
February 10, 2026
141 views 1 sec 0

බදු පද්ධති සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩි දියුණු කිරීමේ යෝජිත සංශෝධන, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අදාළව, 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන ඇත. එහිදී, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර, නීතිපතිගේ නිෂ්කාශනයද ලබාගෙන ඇත. මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ […]

Local News
February 10, 2026
143 views 0 secs 0

ශ්‍රී ලංකා–ඉන්දියාව අතර සංස්කෘතික සහ කර්මාන්ත සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා…

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් අතර හමුවක් සිදුවී ඇත. මෙම හමුවේදී ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ සහ කර්මාන්ත ආශ්‍රිත දියුණුව පිළිබඳ සාකච්ඡා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත සංවර්ධනය […]

Local News
February 10, 2026
136 views 0 secs 0

ජනාධිපති අරමුදලේ පාලක සභාව අද රැස්වෙයි…

ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී ඇත. මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විතය. අද පැවැත්වෙන සාකච්ඡාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික […]

Local News
January 14, 2026
158 views 3 secs 0

Rebuilding Sri Lanka වෙත ඉඩම් පරිත්‍යාග….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (13) පෙරවරුවේ පැවති ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවයේදී ඉඩම් පරිත්‍යාග සිදු කර ඇත. එම අවස්ථාවේදී චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී. රසංග ප්‍රගීන් ප්‍රනාන්දු, පී. නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම්. සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් මෙම ජාතික වැඩසටහනට ඉඩම් පරිත්‍යාග […]

Local News
January 13, 2026
156 views 0 secs 0

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කිරීමට සැලසුම්…

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමඟ අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කර ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා සහ […]

Highlights, Local News
January 13, 2026
137 views 3 secs 0

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

රට යළි ගොඩනැඟීමේ කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසනයට පසු සිදු කෙරෙන පශ්චාත් ආපදා […]

Local News
January 13, 2026
126 views 0 secs 0

ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගෙන් සහන පරිත්‍යාගයක්…

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිවයින පුරා බන්ධනාගාර 10ක රැඳවියන් සිය ආහාර වේලක් පරිත්‍යාග කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. නව මැගසින්, වැලිකඩ, බෝගම්බර, මාතර, මහර, කුරුවිට, යාපනය, මොණරාගල, අගුණුකොලපැලැස්ස සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් මෙලෙස ආපදාවට පත්වූ ජනතාවට සහය දැක්වීමට එක්ව ඇත. ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයෙන් රුපියල් 450,710ක් වටිනා ආහාර […]

Local News
January 13, 2026
127 views 0 secs 0

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට…

නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළ එය පද්ධතියට එක් කිරීමට කටයුතු කිරීමට නියමිත බව සඳහන් වෙයි. නොරොච්චෝලේ විදුලි […]

Local News
January 05, 2026
139 views 0 secs 0

ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි….

ප්‍රවීණ ගේය පද රචක සහ පුවත්පත් කලාවේදී කටයුතු කළ චන්ද්‍රසේන තලංගම, ඊයේ (04) රාත්‍රියේ අවුරුදු 71ක වියේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. 1944 වසරේ උපන් තලංගම, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේ ආරම්භ කළේය. එලෙස, “තලංගම චන්ද්‍රසේන” නමින් ලිපි රචනා කළ ඔහු පසුව චන්ද්‍රසේන තලංගම ලෙස කලා ලෝකයේ ජනප්‍රියත්වයට පත්විය. ඔහුගේ ජීවන අත්දැකීම් […]