1 views 0 secs 0 comments

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට…

In Local News
January 13, 2026

නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළ එය පද්ධතියට එක් කිරීමට කටයුතු කිරීමට නියමිත බව සඳහන් වෙයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් මගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක් කළ හැකි වුවද, මේ වන විට එක් ජනන යන්ත්‍රයක් මගින් පමණක් විදුලිය සැපයෙන බව වාර්තා වේ.

මේ අතර, තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය තත්ත්වයේ පවතින අතර, එයද යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.