වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අමෙරිකානු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක, මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර එය දැඩි ජාත්‍යන්තර මතභේදයකට හේතු වී ඇති බව වාර්තා වේ.
විකිපීඩියා පිටුවක පළ වූ තොරතුරු අනුව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් සකස් කළ ඡායාරූපයක් තම Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර ඇත.
එමෙන්ම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව, වෙනිසියුලානු වේලාවෙන් පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ අමෙරිකාව විසින් එරට අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබුණේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක් වන අතර, එම මෙහෙයුම අතරතුර අමෙරිකානු හමුදාව විසින් ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන ගිය බව වාර්තා වේ.
