
ඇමරිකාව යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 150 ක මිලිටරි ආධාර ලබා දී තිබේ. රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සඳහන් කළේ, මේ වනවිට ඩොලර් බිලියන 3.8 ක මිලිටරි ආධාර යුක්‍රේනයට ලබා දී ඇති බවයි.
එම ආධාර රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා ලබා දුන් බවත් රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
යුක්‍රේනයට සිය රට සහ පුරවැසියන්ගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා එරට හමුදාවට අඛණ්ඩව ආයුද ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය ලේකම්වරයා අතිරේක නිවේදනයකින් සඳහන් කර සිටියා.