
අද(07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ ඉන්ධන හිඟය හේතුවෙනි.
ලංගම සතුව ද මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට ද නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟයත් සමග අද හා හෙට පෞද්ගලික බස් රථ ධාවනය 25% දක්වා අඩුවිය හැකි බවය.