
අද (22) 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේ
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින බවයි.
විශේෂ ක්‍රමවේදයක් යටතේ කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.