
තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.
මෙයට හේතුව තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද දක්වා පමණක් වීමයි.
දැවි තෙල් බලාගාරය තුළ පවතින්නේ අද පස්වරු 2 වන තුරු පමණක් බවයි ඉංජිනේරුවන් සඳහන් කළේ.