Connect with us

Local News

නීති විරෝධී ලෙස ආනයනය කල භාණ්ඩ තොගය……

Published

on

මෙම මස 12 වන දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ස්ම්ය්ලි ලේඩි (Sමිලෙය් ළඩ්ය්) නමැති නෞකාවෙන් ගෙන ආ සැක සහිත අඩි 20 බහාලුමක් ඔරුගොඩ වත්තේ ර්‍Cඨ් බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී, ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.
මෙම ආනයනය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ආනයන කරු විසින් ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කල රේගු සටහන්කරයේ එම බහාලුම තුල කොල්ලු කිලෝග්‍රෑම් 23,150 අඩංගු වන බව සඳහන් කර තිබී ඇත.

අදාළ බහාලුම පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි තුල තිබී කොල්ලු කිලෝග්‍රෑම් 18,000 ක්‌ අතර දැනට ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා. මෙම සීමා කල භාණ්ඩ රේගු නිලධාරීන් නොමග යවන අයුරින් ඉතා සූක්ෂ්ම ලෙස කොල්ලු අඩංගු බෑග වලට සමාන බෑග තුල සඟවා තිබූ අතර එහි තුල තිබී වියලි ඉඟුරු කිලෝග්‍රෑම් 2,474 ක්‌, උඳු කිලෝග්‍රෑම් 2465 ක්‌ සහ තල් සූකිරි කිලෝග්‍රෑම් 248 ක්‌ සොයා ගෙන තිබෙනවා. මෙම මුළු භාණ්ඩ තොගයේ වෙළඳපොළ වටිනාකම රු. 6,417,467/= බවට තක්සේරු කර තිබෙන අතර මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රු. 1,838,636/= බව ගණන් බලා ඇත. මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන නිවාරණ නිලධාරි සේනක ඇරවුපොල මහතාගේ උපදෙස් පිට ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරි අරුණ ශාන්ත මහතා ප්‍රමුඛ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන අතර විමර්ශනය අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට වැඩිදුර රාජසන්තක කිරීම් හෝ දඩ පැනවීමට නියමිතයි

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර 73කි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසියි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සම්මානනීය ආචාර්යයෙකුගේ අහිමිවීම විශාල අලාභයක් ලෙස සැලකිය හැකිය.

Continue Reading

Local News

තද වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් විවෘත කරයි…

Published

on

By

පවතින තද වැසි තත්ත්වය හමුවේ, අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මහවැලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙය සිදුකරනු ලැබූයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහාය.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තප්පරයකට ඝණ අඩි 4500ක ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Local News

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක….

Published

on

By

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ට ආරම්භ වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය නිසා තැපැල් සේවා සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට මෙය සලකා බලමින් කටයුතු කරන ලෙස අවධානය යොමු කෙරේ.

Continue Reading

ප්‍රවණතාවන්