540 views 0 secs 0 comments

ලංකා රෝහලෙන් සොයාගත් අත්බෝම්බය….

In Local News
September 15, 2021

කොළඹ, නාරහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී ඊයේ (14) දිනයේ ආරක්ෂිත ඇණය ගලවා, දැල්වූ මදුරු දඟරයක් සවි කර පුපුරා යන ලෙස සකසා තිබු අත්බෝම්බයක් සොයා ගෙන තිබුණා.

රෝහලේ වැසිකිළියක් තුළ තබා තිබූ මෙම අත්බෝම්බය එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් පරිශ්‍රයේ ඇති ගරාජයක් වෙත රැගෙන ගොස් නාරහේන්පිට පොලීසිය මේ බව දැනුම් දීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයද එම ස්ථානය වෙත කැඳවා තිබෙනවා.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාළ අත්බෝම්බය පරික්ෂා කර බලා ඇති අතර එහිදී හෙළිවී තිබුණේ එම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන බවයි.