186 views 2 secs 0 comments

අද සිට QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හා වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

In Local News
July 26, 2022

අද (26) සිට අගෝස්තු 1 වෙනිදා දක්වා දිවයින පුරා CEYPETCO සහ LIOC ඉන්ධන පිරවුම්හල්වවලදී QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හා වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. අද දිනයේ අවසන් ඉලක්කම 0, 1, 2 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර, යතුරුපැදි සඳහා රු.1500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.
පිරවුම්හල් සඳහා QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදයට පහසුකම් නොමැති හෝ තාක්ෂණික ගැටලු ඇතිනම් පමණක් එම ගැටලු නිරාකරණය වනතුරු අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබාදී තිබෙනවා.