කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පළමු දින 3 තුළ 14,000 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 7.5 ක ආදායමක් ඉන් උපයා ඇති බව කොළඹ නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
සෙනසුරාදා (17) දින සිට කුළුණ නැරඹීමට ජනතාවට ලබා දී තිබූ කාල සීමාව ද පස්වරු 12.00 සිට රාත්‍රී 11.00 දක්වා දීර්ඝ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ රාත්‍රී 10.00 දක්වා පමණි.
