166 views 0 secs 0 comments

රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති…

In Local News
February 14, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබේ.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් වූ ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරති.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරයද දරනු ලබන උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයද හොබවා ඇත.