සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් නව සංචාරක ගමනාන්ත 49ක් නිල සංචාරක කලාප ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නිවේදනය කළාය. මෙම ස්ථාන මාසයක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර මීට අමතරව, සංචාරක ක්ෂේත්‍රයේ වංචා සහ දූෂණ වැළැක්වීම සහ අධීක්ෂණය කිරීම සඳහා අවධානය යොමු කරන කමිටුවක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඩයනා ගමගේ මහත්මිය අද (29) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
