සංචාරකයින්ගේ විශේෂ අවධානයට ලක්වන ලෝක උරුමයක් වූ සීගිරිය සුරක්ෂිත කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා රජය දැඩි අවධානය යොමුකර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අනෙක් රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එක්වූ කමිටුවක් විසින් සීගිරි උරුමය ආරක්ෂා කිරීම සඳහා නිර්දේශයන්ගෙන් සමන්විත වාර්තාවක් සකසා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතාට පසුගිය දිනක භාරදුන් බව දැක්වෙයි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, සීගිරි පර්වතය වටා මීටර් 200-400 ක ප්‍රදේශය සංවේදී කලාපයක් බැවින්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවිතයට හානි නොවී පාරිසරික හා සන්ස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් එම ජනතාවට වෙනත් ජීවනෝපායන් ලබාදීමෙන් ඔවුන් එම ස්ථානවලින් ඉවත් කළ යුතු බවයි.
සීගිරි චිත්‍ර, පර්වතය, කුරුටු ගී සහ අවට හරිත භූ දර්ශනය සුරක්ෂිත කිරීම අනාගත පරපුර සඳහා මහඟු වගකීමක් වන අතර, මෙය ක්‍රියාත්මක කළ යුත්තේ සුලොගිත් සැලැස්මක් යටතේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යාක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
KG,ERANDA KUMAR
October 28, 2021 at 8:45 am
WARRI GOOD
KG,ERANDA KUMAR
October 28, 2021 at 8:48 am
Hoda wadak godak lasiyan Kara ganna puluwan wai kiyala viswasa karanwe