254 views 0 secs 0 comments

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාගත ආදායමක්…

In Local News
January 08, 2023

2022 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 170ක ආදායමක් උපයා ඇති අතර එය සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස සඳහන් වේ.

එලෙස වැඩිම ආදායමක් වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි.

මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බවත්,
දේශීයව නිෂ්පාදිත මත්පැන් සඳහා ප්‍රමිති සහතික ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, මේ වන විට වෙළඳපොළේ ඇති මත්පැන් වර්ග රැසකට අදාළ ප්‍රමිති සහතික ලබා දී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කර සිටියා.