187 views 0 secs 0 comments

අද රාත්‍රියේ සිට 2022 උ.පෙළ පන්ති පැවැත්වීම තහනම්..

In Local News
January 17, 2023

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට
2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් වේ.

එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති අතර විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීමත් සිදුනොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

මෙම නියෝග කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් ‍හෝ වෙනත් පාර්ශවයක් නොසළකා කටයුතු කළහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

එවැනි ආකාරයේ උපදෙස් කඩකිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව පොලීසිය හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටියා.