168 views 0 secs 0 comments

සීඝ්‍රයෙන් ඉහල යන පොල් මිල..

In Local News
January 18, 2023

වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 120 කට අධික මිලකට අලෙවි වන බවත් එදිනෙදා ආහාර පිළියෙළ කිරීමට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන පොල් මිල ඉහළ යාමෙන් තමන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත්, පාරිභෝගිකයන් පෙන්වා දෙති.

පොල් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ දිනවල පොල් අස්වැන්නේ අඩුවක් පවතින බවත් එම තත්වය පෙබරවාරි අග දක්වා එය පැවතිය හැකි බවය.
එමෙන්ම මේ වසරේ පොල් ගෙඩි මිලියන 3300 ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් ඔවුන් පෙන්වා දී සිටියා.