193 views 0 secs 0 comments

අද සිට දෛනිකව වෙළෙඳපොළට ගෑස් නිකුත් කෙරේ.

In Local News
December 01, 2022

අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටියා.

ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවත් මේ වන විට ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බවත් ලිට්‍රෝ සමාගම් සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර සිටියා.

උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවද සභාපතිවරයා සඳහන් කලා.