198 views 1 sec 0 comments

ලෝක ඒඩ්ස් දිනය අදයි..

In Health, World News
December 01, 2022

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්‍රතිලාභ ඒ හා සමානව ලබාදීම අරමුණු කරගෙන තිබේ.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.