169 views 0 secs 0 comments

විදුලි ගාස්තු ඉහලට?

In Local News
November 30, 2022

2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටියා.

ඒ වත්මන් පාඩුව පියවා ගැනීම සඳහායි.

යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ (29) ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කරමින් මේ බව සඳහන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දැනට පවතින පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල 70% කින් පමණ වැඩිවිය යුතු බවට විදුලිබල මණ්ඩල නියෝජිතයින් එහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ, විදුලි බිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සලකා නොබලන බවයි.