
ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පවතින ආර්ථික සහ සමාජ තත්ත්වය සැලකිල්ලට ගත් විට ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය.
කොළඹදී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.