165 views 0 secs 0 comments

මහානා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්..

In Local News
July 01, 2022

දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුලින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙමින් අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නාහිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බවට තමන් වහන්සේලාට ලිඛිතව දැන්වුව ද එම අර්බුද සඳහා සැබෑ විසඳුම් පසෙකලා සුපුරුදු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය මත ක්‍රියාත්මක වීම පිළිබඳ අප්‍රසාදය පළ කරන බවයි මහනාහිමිවරුන් එම ලිපිය මඟින් සඳහන් කර තිබෙන්නේ.

එසේම සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කරන ලෙස මහනාහිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,