
අද (21) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වෙමින් තිබිණි. කෙසේ වුවද මේ වන විට ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප එම තොරතුරු ප්‍රතික්ෂේප කරන අතර, ජනාධිපතිවරයා අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් පවතින තත්ත්වයට පිළියම් යෙදීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියා.