
ස්වීඩනයේ අගනුවර වන ස්ටෝක් හෝම් හි පිහිටි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අටවන අදියරේමීටර් 100 තරඟ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුපුන් අබේකෝන් සිව් වන ස්ථානය ලබා ගැනීමට සමත් විය.
එමඟින් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්වට සුදුසුකම ලබාගත් පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට ඔහුට අවස්ථාව උදා විය.
මෙම තරග ඉසව්වට දකුණු අප්‍රිකාවේ සුපිරි ක්‍රීඩක Akani Simbine ද සහභාගි වූ අතර ඔහු තත්පර 10 යි දශම දෙකකින් තරගය නිමා කරමින් පළමු ස්ථානය ලබා ගැනීමට සමත් විය. දෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයේ Reece Prescodද, ප්‍රංශයේ Jimmy Vicautට තුන්වන ස්ථානයද හිමි විය.