29 views 0 secs 0 comments

කාන්තා ලෝක කුසලානයේ පලමු තරඟයේ කාසියේ වාසිය ලංකාවට…

In Sports
September 30, 2025

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි සංස්කරණය අද (23) ආරම්භ වන අතර, මුල් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහාතිහිදී පැවැත්වෙයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය.

අදින් ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් 2 දා අවසන් වන අතර කණ්ඩායම් 8ක් එහිදී තරග වැදීමට නියමිතය. ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදීම සහ ශ්‍රී ලංකාවේ එක් ක්‍රීඩාංගණයකදීම තරග පැවැත්වෙනු ඇත.

ලීග් ක්‍රමයට ක්‍රීඩා කරන මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7කට මුහුණදීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 7න් 5ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ ඉතිරි තරග 2 ඉන්දියාවේදී පැවැත්වේ.