තම ගැටලුවලට රජයෙන් සම්පූර්ණ විසඳුම් නොලැබූ බව පෙන්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළේය.
ඒ අනුව, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු විශ්වවිද්‍යාල රැසක දේශන ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අදට අක්‍රිය විය.
ආචාර්යවරුන් මෙය සිදු කරන්නේ,
ආචාර්ය හිඟය
වැටුප් ගැටලු සහ විෂමතාව
පර්යේෂණ සඳහා වන ප්‍රතිපාදන අඩුවීම
පහසුකම් වර්ධනය නොවීම
ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්ය.
සමිති සම්මේලනය කියා සිටියේ, මේ පිළිබඳව රජයේ බලධාරීන් සමඟ අවස්ථා ගණනාවක සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් නොලැබූ බවයි.
එක්දින වැඩවර්ජනය සමගාමීව, ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ද ආරම්භ කරමින් රජය වෙත කඩිනම් විසඳුම් ඉල්ලා සිටියහ.
