174 views 0 secs 0 comments

තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ…

In Local News
September 14, 2022

මාස හයක කාලයකට නිකුත් කර තිබෙන තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම කාලය දීර්ඝ කර ගැනීම සදහා වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කටයුතු සිදුකරගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වන විට ඇනවුම් කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000 ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමි වන බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කර සිටියා.