රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බවත්, මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි සංශෝධනය යළි ගෙන එන බවත් වැඩබලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලා.
ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව තමන් පැහැදිළි කළ බවත්, කෙසේ වෙතත් ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේ.
ආර්ථික අර්බුදයෙන් පෙළෙන රටේ පුරවැසියන්ට සහන සලසන අතර ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ද පහත දමා තිබෙන බවයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ඓMF) සමඟ සාකච්ඡා අවසන් වෙමින් පවතින අතර විදේශ රටවල් සමඟ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා ද ප්‍රගතියක් ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.