අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආයෝජකයින් පැවසුවේ මෙම තත්ත්වය ලෝක වෙළෙඳපොලේ තෙල් මිලට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි.
කෙසේවෙතත් අද (22) දිනයේ මැද පෙරදිග කොටස් වෙළෙඳපොළේ ගනුදෙනුවලට එම සිදුවීම විශේෂ බලපෑමක් නොමැතිව පවතින බවද වාර්තා වේ.
පසුගිය ජුනි 13 වනදා ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු බොරතෙල් මිල 11% කින් ඉහළ ගොස් තිබේ.
