102 views 0 secs 0 comments

හලාවතේදී පොල් වගාකරුවන්ට පොහොර සහ පොලි සහන බෙදාදීම…

In Local News
June 22, 2025

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ හලාවත වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පසුගියදා (21) පලුගස්වැව වත්තේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය.

මෙහිදී, පොල් වගාකරුවන් 146 දෙනෙකුට මෙට්‍රික් ටොන් 30ක පොහොර බෙදාදීම, කප්රුක ණය වැඩසටහන යටතේ පොලි සහන ලිපි ලබාදීම, සහ පොහොර භාවිතය, වගා කළමනාකරණය, රෝග මර්ධනය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන් සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදිප්, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති, සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි, සහ හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.