187 views 0 secs 0 comments

දූෂිත දේශපාලඥයින් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවල රාජකාරිය නොවේ – සරත් ෆොන්සේකා

In Local News
July 22, 2022

අවි සහිත හමුදා සෙබලුන් නිරායුද ජනතාව ඉදිරියට එවීම සම්පූර්ණ වරදක් බවත්, සාමකාමී අරගල නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලීසිය පමණක් භාවිතා කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

දූෂිත දේශපාලඥයින් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවල රාජකාරිය නොවන බවත් ආරක්ෂක අංශ ඇත්තේ, ව්‍යවස්ථාව, රට සහ රට වැසියන් ආරක්ෂා කිරීමට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කරන්නේ.