අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිළධාරීන් වෙත උපදෙස් දී ඇත. එසේම මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
