137 views 0 secs 0 comments

ගසාහි ළමා අරමුදලට දායක වූවන්ට ජනපතිගෙන් තුති..

In Local News
May 28, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඊට දායක වූ සියලුදෙනා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි.
එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් අනුව මැයි 31 දක්වා තවදුරටත් මීට දායකවීමට අවස්ථාව සලසා තිබෙන අතර අදාළ සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට නියමිතය.