වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (26) විවෘත කෙරිණි. නෙදර්ලන්ත (ලන්දේසි) රජයේ අනුග්රහය ඇතිව ඉදිකරන ලද මෙම ඒකකවල ආයෝජනය රු. මිලියන 3,329 කි. ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2019 දී ජනාධිපති වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදීය.







