
කිරිපිටි ආනයනය නැවත වරක් අත් හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි සමාගමක් පැවසීය.
මෙයට හේතුව වන්නේ ඩොලර් හිගයත් සමග විදේශ සැපයුම්කරැවන්ට ගෙවීම් සිදු කිරීමට නොහැකි වීමය.
මේ වන විට කිරිපිටි ආනයනෙයන් 50%ක් පමණ නතර වී ඇති අතර ඉදිරියේ දී කිරිපිටි ආනයනය අනුමත කර ගැනීමට නොහැකි වුවහොත් ජනවාරි මස සිට නැවත කිරිපිටි හිගයක් ඇති විය හැකි බව ආනයනකරුවෝ පවසති.