227 views 0 secs 0 comments

ගෑස් පිපිරීම් නිසා හානිවන වින්දිතයින්ට නොමිලේ නීතිඥ සහය

In Local News
December 14, 2021

සමගි ජන බලවේගය විසින් දිවයින පුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුව විසින් රටේ ආර්ථිකයත් , ගොවි ජනතාවගේ ජීවිතත් බාල ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙන්වීමෙන් අද වන විට රට මහා විනාශයකට තල්ලු කර ඇති බව ද විපක්ෂ නායකතුමා පැවසීය. ප්‍රමිතියක් නැති ආණ්ඩුව පාලනයෙන් ඉවත් කර යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.