Connect with us

Local News

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහල දැමීමට කැබිනට් අනුමැතිය

Published

on

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

අද (02) පස්වරුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට

රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්ව විද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ
කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා.

රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා

කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා

සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා

මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා

විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා

හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා

විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා

ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා

පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා

ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා

පරිපාලන සේවය සඳහා රු.28,885 ක්

නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්

ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්

වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා

වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල වැඩ කටයුතු අඩාල වෙයි..

Published

on

By

තම ගැටලුවලට රජයෙන් සම්පූර්ණ විසඳුම් නොලැබූ බව පෙන්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) දිවයිනේ සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළේය.

ඒ අනුව, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු විශ්වවිද්‍යාල රැසක දේශන ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අදට අක්‍රිය විය.

ආචාර්යවරුන් මෙය සිදු කරන්නේ,

ආචාර්ය හිඟය

වැටුප් ගැටලු සහ විෂමතාව

පර්යේෂණ සඳහා වන ප්‍රතිපාදන අඩුවීම

පහසුකම් වර්ධනය නොවීම
ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්ය.

සමිති සම්මේලනය කියා සිටියේ, මේ පිළිබඳව රජයේ බලධාරීන් සමඟ අවස්ථා ගණනාවක සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් නොලැබූ බවයි.

එක්දින වැඩවර්ජනය සමගාමීව, ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ද ආරම්භ කරමින් රජය වෙත කඩිනම් විසඳුම් ඉල්ලා සිටියහ.

Continue Reading

Local News

ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතූ ජනපති අනුර..

Published

on

By

ශ්‍රී ලංකාවේ නව ආර්ථික අවස්ථා සොයා බැලීමට සහ ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

ඊයේ (29) ජපානයේ JETRO මූලස්ථානයේදී පැවති ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨයින් 200 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, JETRO, METI, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ BOI එක්ව එය සංවිධානය කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙම අවස්ථාවෙදී ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කළ අතර, දත්ත මධ්‍යස්ථාන, ඩිජිටල් පරිවර්තනය, AI ආදී ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථාද පෙන්වා දුන්නේය.

ඉන් අතුරුව BOI විසින් නිෂ්පාදන, ICT, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ආදී ප්‍රමුඛ ආයෝජන අංශ පිළිබඳ විස්තර ඉදිරිපත් කළේය.

මෙයත් සමග ශ්‍රී–ජපන් ව්‍යාපාරික නියෝජිතයින් අතර ජාලකරණ සැසියක් පැවැත්විණි.

එසේම ජනාධිපතිවරයා සහ JETRO සභාපති ඉෂිගුරො නොරිහිකො මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවති අතර, JETRO සභාපතිවරයා දෙරට අතර අඛණ්ඩ සහ අන්‍යෝන්‍ය ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් ගොඩනගන බව තහවුරු කළේය.

Continue Reading

Local News

බස් ප්‍රවේශ පත්‍රය නැති මගීන්ට හෙට සිට දඩ…

Published

on

By

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස්රථවල ගමන් කරන මගීන්ට හෙට (01) සිට දඩයක් නියම කරන බවයි.

අධිකාරියේ ධාවන කළමනාකරු ජීවින්ද කීර්තිරත්න මහතා පැවසුවේ, මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ද දඩ නියම කිරීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව හෙට සිට බස්නාහිර පළාතේ ධාවනය වන සියළු බස්රථවල ගමන් කරන මගීන්ට ප්‍රවේශ පත්‍රය අනිවාර්යව ලබා ගත යුතු බවත් කොන්දොස්තරවරුන් එය නිකුත් කළ යුතු බවත් සදහන් කර ඇත.

මෙම තීරණය පිළිබඳව සභාපති ගාමිණී ජාසිංහ මහතා ද පවසා ඇති අතර, බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන බස්රථ සඳහා හෙට (01) සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය බව සදහන් කරයි.

Continue Reading

ප්‍රවණතාවන්