
කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පුද්ගලයින් PCR පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන්කළේ මේ සඳහා සෑම ප්‍රදේශයකම පොලිස් ස්ථානවල සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි