419 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 5ක්…

In Health, Local News
March 08, 2021

අද (08) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම අද දින කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 334 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 86,039ක් දක්වා ඉහළගොස් ඇත.