217 views 0 secs 0 comments

ඩෙංගු රෝගීන්ගේ භයානක වැඩිවීමක්

In Health, Local News
November 02, 2021

ඊයේ (01) දින පමණක් රෝගීන් 120 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඊයේ (නොවැ. 1) පමණක් ආසාදිතයින් 32ක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ උපදේශිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි කියා සිටියේ කොවිඩ් හා සමාන විය හැකි උණ, සෙම්ප්‍රතිශ්‍යාව, මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.

“තමන්ගේම නිගමනවලට එළඹීමකින් තොරව එවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම ඉතා නිර්දේශිතයි” ඇය අවධාරණය කළාය. ඉදිරියේදී ද ඩෙංගු රෝගීන් වැඩිවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.