397 views 0 secs 0 comments

කොවිඩ් මරණ ගණන තවත් ඉහලට…

In Health, Local News
February 19, 2021

ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම පුද්ගලයින් අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර මේ අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර බව වාර්තා වේ.
කොවිඩ් තත්ත්වයත් සමග ඇති වූ උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම රෝගී තත්ත්වය සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.